Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 16:00:43 Hours

අනුරාධපුරයේදී සෙන්පති ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ගුණානුස්මරණය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ විශිෂ්ඨ රණවිරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දේශය වෙනුවෙන් දිවිපුදා 2021 අගෝස්තු මස 08 දිනට වසර 29 ක් ගතවේ. ඒ වෙනුවෙන් ගුණ සැමරුම් උළෙලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය සමග එතුමන්ගේ පවුලේ සාමාජිකයන් විසින් අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අභියසදී පවත්වන ලදී.

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින යාපනය අරාලි තුඩුවේදී එල්.ටී.ටී.ඊ බිම්බෝම්බයකට ගොදුරු වී ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු ජීවිතක්‍ෂයට පත් වූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝදාර රණවිරුවගේ පිළිරුව අභියසදී ආගමික වතාවත් සිදුකර හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ පුෂ්පෝපාහර පුද කළේය. 21 වන සේනාංකයේ භටපිරිස් සහ අභාවප්‍රාප්ත වීරෝදාර රණවිරුවාගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය එක්ව මෙම ගුණානුස්මරණ උත්සවය සංවිධානය කරන ලදී.

මෙම ගුණානුස්මරණ උත්සව අවස්ථාව සඳහා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී. ඩී. සූරිය බණ්ඩාර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.