Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 23:37:18 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ඇල්පිටිය ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපිත කළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇල්පිටිය ඉගල් කන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබු ඇඟලුම් කර්මාන්තශාලවක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඉකුත් බදාදා (11) දින ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත එය නිල වශයෙන් භාරදෙනු ලැබිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකරනු ලැබු මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇදන් 400 කින් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ වලින් සමන්විත වේ.

ඇල්පිටිය ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතකිකාර මධ්‍යස්ථානයේ බ්‍රහස්පතින්දා (12) දින සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරමින් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සහ සනීපාරක්‍ෂක කටයුතු පිළිබද සොයාබලා ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වූ යුද්ධ හමුදා භටපිරිස් සහ රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පිළිසඳරක නිරත වූහ.

ආරක්‍ෂක සේනා අඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මී හේවගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍ය බලධාරීන්ගේ මඟපෙන්වීම මත 61 වන සේනාංකය යටතේ ඇති 613 වන බලසේනාවට අයත් 14 වන ගැමුණු හේවා බලඇණිය සහ 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සති කිහිපයක් තුළ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන දකුණු පළාත් ආණ්ඩුකාර ගරු ආචාර්ය විලී ගමගේ මහතා විසින් ලබාදුන්හ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ යෝජනාවකට අනුව දිවයින පුරා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ හදිසි වැඩිවීමට සාපේක්‍ෂව ඇඳන් ධාරිතාවය සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් මත කෙටි කාලයක් තුළ මෙම ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධමිම් හේවගේ, 613 වන බලසේනාවේ බලසේනාධිපති උපුල් කොඩිතුවක්කු, ඇල්පිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ අබේවික්‍රම, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් කිහිපදෙනෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.