Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 14:00:43 Hours

තේරාවිල් ප්‍රදේශයේ සිසුන් දෙදෙනෙකුට 7 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්වල සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකය යටතේ ඇති 681 වන බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ඇතුලු එම ඒකකයේ භටපිරිස් විසින් ඉකුත් සදුදා (9) දින ඉගෙනීම් කටයුතු සඳහා දක්‍ෂතාවයක් ඇති මුලතිව් තේරාවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක සිසුන් දෙදෙනෙකු වෙනුවෙන් අධ්‍යාපන කටයුතු මනා ලෙස සිදුකර ගැනීම සඳහා මේසයක් සහ පුටු දෙකක් පරිත්‍යා කරන ලදී.

මෙම පරිත්‍යාගය 7 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.ඩබ්ලිව්. ආර්.අයි ද සිල්වාගේ උපදෙස් මත සිදුකරන ලදී.