Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2021 22:30:09 Hours

මුලතිව් ජීවනගර් ‘මධූර්’ ක්‍රීඩා සමාජයට රුපියල් 25,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපති 64 වන සේනාංකයේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු සඳහා වඩාත් දක්‍ෂතා පෙන්නුම් කරනු ලබන මෙන්ම ඉතා ලැදියාවකින් කටයුතු කරනු ලබන තරුණ තරුණියන්ගේ සැදුම්ලත් මුතියන්කඩ්ඩුකුලම් ජීවනගර් ‘මධූර්’ ක්‍රීඩා සමාජය වෙත රුපියල් 25,000 ක පමණ වටිනාකමින් යුතු ක්‍රීඩා භාණ්ඩ තොගයක් ඉකුත් බදාදා (11) දින ප්‍රධානය කළහ.

මෙම වැඩසටහන 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන්ගේ උපදෙස් මත 64 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු අතර, ක්‍රීඩා භාණ්ඩ සඳහා කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් අනුග්‍රහකත්වය දක්වන ලදී.

එම අවස්ථාව සඳහා 64 වන සේනංකයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක්ද සහභාගී වූහ.