2018-06-24 22:29:55
2018 ජාතික අන්තර් වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් මේවරත් සමත් විය. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සහභාගි වූ මෙම තරඟාවලිය ජූනි මස 21 දින සිට 23 දින දක්වා සුගතදාස ගෘහස්ථ පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්විණි.
2018-06-24 14:39:51
බදුල්ල දිස්ත්‍රික් මහනගර සභාව, බන්ධනාගාරය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය ස්ථානයෙහි සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් මෙන්ම අනෙකුත් සිවිල් සංවිධායකයින් එක්ව බදුල්ල දිස්ත්‍රික්කය තවත් අලංකාර කිරීමක් මෙන්ම ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (21) දින ක්‍රියාවට නංවනු ලැබීය.
2018-06-24 14:22:33
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් සෙනසුරාදා (23) දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්පේ ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකුට අධික පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීම සමත් විය....
2018-06-24 14:20:33
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මූලිකත්වයෙන් ජුනි මස 21 සහ 22 යන දිනයන්හිදී කොළඹ, ගම්පහ සහ කළුතර යන නගරයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුහ. බොහෝ ප්‍රදේශවල ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් විශේෂිත ස්ථාන පරීක්ෂා කිරීමට....
2018-06-24 13:41:58
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ භට පිරිස් ‘ඩෙංගු මර්ධනය’ පිළිබඳ විශේෂ සම්බන්ධීකරණ හමුවක් සඳුදා (18) දින තෝපූර් හී පිහිටි 24 වන ජාතික ආරක්ෂක බළමුළු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැති....
2018-06-24 13:30:35
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 50 ක් සහ සෙසුනිලයින් 1200 ගේ සහභාගිත්වයෙන් සිකුරාදා (22) දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී මෙම දේශනය පැවැත්විණි. මෙම දේශනය ජ්‍යෙෂ්ඨ නායකත්ව, පෙළඹවීම් සහ පෞරුෂත්ව සංවර්ධන කථිකාචාර්ය උදය.....
2018-06-24 00:23:52
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල සිසුන් වෙත පාපැදි බෙදාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ඉරිදා (17) දින පවත්වනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මෙම පාපැදි තොගයේ පරිත්‍යාගශීලින් සමඟ සිය කාර්යාලයේ දී සුහද පිළිසඳරක යෙදුණි.
2018-06-24 00:21:04
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් කිලිනොච්චි, මලයලපුරම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක්.....
2018-06-24 00:16:24
57 වන සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සාමාජිකයින් හා සිවිල් වැසියන් අතර හොඳහිත, අවබෝධය සහ සහයෝගිතාව වර්ධනය කරමින් ‘සංහිඳියා පාපන්දු’ තරඟයක් බ්‍රහස්පතින්දා (21) දින කිලිනොච්චි සීවපුරම් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
2018-06-23 20:18:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, බ්‍රහස්පතින්දා (21) දින කොළඹ 7, ගුවන් හමුදා ගෘහස්ථ බැඩිමින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවති 10වන ආරක්ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලිය - 2018 හිදී කාන්තා සහ පිරිමි යන ඉසව් දෙකෙදීම සමස්ත ශුරතාවය හිමි කරගැනීමට සමත්විය.