24th June 2018 00:16:24 Hours
57 වන සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන සාමාජිකයින් හා සිවිල් වැසියන් අතර හොඳහිත, අවබෝධය සහ සහයෝගිතාව වර්ධනය කරමින් ‘සංහිඳියා පාපන්දු’ තරඟයක් බ්‍රහස්පතින්දා (21) දින කිලිනොච්චි සීවපුරම් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත 573 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කල මෙම සුහද පාපන්දු තරඟාවලිය ‘සීවපුරම් මධ්‍යම’ පාපන්දු කණ්ඩායම සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පාපන්දු කණ්ඩායම අතර පැවැත්විණි.
කිලිනොච්චි සීවපුරම් ගම්මාන ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරඟයේ දී ආරක්‍ෂක හමුදා සාමාජිකයින්, සිවිල් වැසියන් මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ සීවපුරම් මධ්‍යම ක්‍රීඩා සමාජයේ පාපන්දු ක්‍රීඩකයින් අවසන්වටයේ දී තියුණු ලෙස තරඟ වැදුණි.
එහිදි, සීවපුරම් මධ්‍යම ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩකයින් ගෝල 2 – 1 ක් ලෙස තරඟයේ ජයග්‍රාහණය හිමිකරගත් අතර තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහභාගි විය.
මෙම තරඟය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබීය.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 571, 572 සහ 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අනෙකුත් නිලධාරින්, සිවිල් වැසියන් සහ පාපන්දු ක්‍රීඩාලෝලීන් රැසක් එක්ව සිටියහ.
best Running shoes brand | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today