Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2018 13:41:58 Hours

224 වන බලසේනා මූලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ භට පිරිස් ‘ඩෙංගු මර්ධනය’ පිළිබඳ විශේෂ සම්බන්ධීකරණ හමුවක් සඳුදා (18) දින තෝපූර් හී පිහිටි 24 වන ජාතික ආරක්‍ෂක බළමුළු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්බන්ධීකරණ හමුවේ අරමුණ වුයේ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතීර යාම පිළිබඳ මහජනාව දැනුවත් කිරීමයි.

මෙම සුහද හමුවේදී, මුතූර්, තෝපූර්, සාම්පූර් සහ කින්නියා යන ප්‍රදේශයන්හි අදාළ රාජ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජූනි මස 23 දින සිට සතියක කාලයක් ඩෙංගු මර්ධන ව්‍යාපාර දියත් කිරීමට තීරණය කරන ලදී.

මෙම සුහද හමුව සඳහා 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර, මූතුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය වයි. ජේස්මි, තෝපූර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය QR Dev, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන්, සිවිල් බලධාරීන් සහ මූතුර් ප්‍රදේශයේ මවුලවිතුමන්ලා සහභාගි විය.

jordan release date | NIKE HOMME