24th June 2018 14:20:33 Hours
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මූලිකත්වයෙන් ජුනි මස 21 සහ 22 යන දිනයන්හිදී කොළඹ, ගම්පහ සහ කළුතර යන නගරයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුහ.
බොහෝ ප්‍රදේශවල ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් විශේෂිත ස්ථාන පරීක්‍ෂා කිරීමට මහජන සෞඛ්‍යය පරික්‍ෂකවරුන්, අදාල ප්‍රාදේශීය බලධාරීන්, පොලිස් නිලධාරීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් 180 කට අධික ප්‍රමාණයක් යොදවා තිබිණි.
14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කළහ.
Running sneakers | Nike, adidas, Converse & More