24th June 2018 00:23:52 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල සිසුන් වෙත පාපැදි බෙදාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ඉරිදා (17) දින පවත්වනු ලැබීය.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මෙම පාපැදි තොගයේ පරිත්‍යාගශීලින් සමඟ සිය කාර්යාලයේ දී සුහද පිළිසඳරක යෙදුණි. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් තෝරාගනු ලැබූ නල්ලිනාකපුරම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 5 දෙනෙකු වෙත මෙහිදි පාපැදි බෙදාදෙනු ලැබීය.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව පසුගිය වසරක කාලය තුල පාපැදි 400 කට අධික ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපයේ අඩු ආදාම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදීමට හැකි වූ බව සඳහන් කිරීම සැලකිය යුතු කරුණකි.
Adidas footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf