Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2018 22:29:55 Hours

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දෙවන වරටත් ජාතික අන්තර් වයස් කාණ්ඩ කුසලානය දිනාගනී

2018 ජාතික අන්තර් වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් මේවරත් සමත් විය. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සහභාගි වූ මෙම තරඟාවලිය ජූනි මස 21 දින සිට 23 දින දක්වා සුගතදාස ගෘහස්ථ පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් ප්‍රධාන කාණ්ඩ පහක් යටතේ සංවිධානය කරනු ලැබීය.

මෙම තෙදින තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් 93 ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 700 කට අධික පිරිසක් සහභාගි වූ අතර යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් තරඟාවලියේ දී රන්පදක්කම් 14 ක්, රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 15 ක් දිනාගැනීමට සමත්විය.

තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 34 ක් සහ පිහිනුම් ක්‍රීඩිකාවන් 3 ක් සහභාගි විය.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඕලිම්පික් රන්පදක්කම් ලාභී වර්තමානයේ මීටර් 50 Back Stroke වාර්තාවට හිමිකම් කියන, ඇමරිකා එක්සත් රාජධානීයේ ලියම් ටැන්කොක් මහතා (Mr Liam Tancock) සහභාගි වූ අතර ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීමට ද එතුමන් එක්විය.

Authentic Sneakers | シューズ