Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2018 00:21:04 Hours

9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු වෛද්‍ය සායනයේ දී මලයාලපුරම් සිවිල් වැසියන්ට සහන

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් කිලිනොච්චි, මලයලපුරම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් බ්‍රහස්පතින්දා (21) දින මලයාලපුර ගම්මාන මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව කිලිනොච්චි මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වෛද්‍ය සායනය පැවැත්විණි.

මෙම වෛද්‍ය සායනය සඳහා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් සියගණනක් සහභාගි විය.

latest jordans | Nike Shoes, Clothing & Accessories