24th June 2018 14:39:51 Hours
බදුල්ල දිස්ත්‍රික් මහනගර සභාව, බන්ධනාගාරය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය ස්ථානයෙහි සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් මෙන්ම අනෙකුත් සිවිල් සංවිධායකයින් එක්ව බදුල්ල දිස්ත්‍රික්කය තවත් අලංකාර කිරීමක් මෙන්ම ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (21) දින ක්‍රියාවට නංවනු ලැබීය.
මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ භට පිරිස් සහය දැක්විය.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීයකු සහ සෙසුනිලයින් 20 දෙනෙකු සහභාගි විය.
මෙම ශ්‍රමදාන වැඩසටහනේ දී බස්නැවතුම් පොළ, පොදු වෙළඳ පොළ සහ නව පොදු වෙළඳ පොළ පිරිසිදු කරනු ලැබීය. මෙහිදි නගරය පිරිසිදු කිරීමට සහ අලංකාරවත් කිරීමට ප්‍රමුඛත්වයක් ලබාදුන්හ.
මෙවැනි වූ වැඩසටහන් සංවිධානය කරගැනීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඇගයුමට ලක් කළහ.
එමෙන්ම, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භට පිරිස් සිකුරාදා (22) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධානය කරනු ලැබු ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා ද සහය දැක්විය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානමට ලක්ව ඇත. එබැවින්, හම්බන්තොට දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශයන්හි මඳුරුවන් බෝවන ස්ථාන සොයා බලා විනාශකර දැමීමට මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
ඒ අනුව, 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද පෙර පාසල සහ වැලිවැව විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය. මෙම ශ්‍රමදාන ව්‍යාපෘතියේ දී පාසල් පරිශ්‍රයන්හි මඳුරුවන් බෝවන ස්ථාන සොයාබලා විනාශ කරන ලදී.
Mysneakers | Patike