23rd June 2018 20:18:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, බ්‍රහස්පතින්දා (21) දින කොළඹ 7, ගුවන් හමුදා ගෘහස්ථ බැඩිමින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවති 10වන ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලිය - 2018 හිදී කාන්තා සහ පිරිමි යන ඉසව් දෙකෙදීම සමස්ත ශුරතාවය හිමි කරගැනීමට සමත්විය.
මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහභාගි වූ අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩා කමිටුවේ බ්‍රිගේඩියර් ඩි.ටී ගමගේ මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
තරඟවලියේ ප්‍රතිඵල පහතින් දැක්වේ;
පිරිමි අංශය
● පළමු ස්ථානය : ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
● දෙවන ස්ථානය : ශ්‍රී ලංකා නාවික හමුදාව
● තෙවන ස්ථානය : ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කාන්තා අංශය
● පළමු ස්ථානය : ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
● දෙවන ස්ථානය : ශ්‍රී ලංකා ගුවන් හමුදාව
● තෙවන ස්ථානය : ශ්‍රී ලංකා නාවික හමුදාව
අවුරුදු 35 ට වැඩි - කේවල - පිරිමි
● ශූරතාවය : සාමාන්‍ය සෙබල කේ.කේ. හේමන්ත (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : මාණ්ඩලික සැරයන් පී.ආර්.පී පෙරේරා (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
අවුරුදු 40 ට වැඩි - කේවල - පිරිමි
● ශූරතාවය : මේජර් එම්.ඒ.ටී. ඉන්දික (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : ලුතිනන් කර්නල් එස්.එච්.පී.ඩී තිලකරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
අවුරුදු 50 ට වැඩි - කේවල - පිරිමි
● ශූරතාවය : කර්නල් පී.එස් තිලකරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : රියර් අද්මිරාල් එස්.ඒ වීරසිංහ (ශ්‍රී ලංකා නාවික හමුදා)
විවෘත - කේවල - කාන්තා
● ශූරතාවය : කාන්තා සෙබල කේ.ඩි.ඒ.සී.එන් නන්දසිරි (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනශූරතාවය : කාන්තා සෙබල වයි.එස් වෙදමුල්ල (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
විවෘත - යුගල - කාන්තා
● ශූරතාවය : කාන්තා සෙබල කේ.ඩී.ඒ.සී.එන් නන්දසිරි සහ කාන්තා සෙබල වයි.එස්. වෙදමුල්ල (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : කාන්තා සෙබල එම්.එච්.එම්.පී.වී කුමාරී සහ කාන්තා සෙබල කේ.ඩී.බී.වයි සිල්වා (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
අවුරුදු 40 ට වැඩි - යුගල - පිරිමි
● ශූරතාවය : ලුතිනන් කර්නල් එස්.එච්.පී.ඩී තිලකරත්න සහ ඉංජිනේරු සෙබල ඒ.එල්.සී.ඒ ද සිල්වා (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල සහ ලුතිනන් කර්නල් ඊ.එම්.එම්.එස් ප්‍රනාන්දු (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
අවුරුදු 50 ට වැඩි - යුගල - පිරිමි
● ශූරතාවය : බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ සහ කර්නල් පී.එස් තිලකරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : කර්නල් ජේ.සී.සී.පී ජයසිංහ සහ ලුතිනන් කර්නල් ආර්.එම්.එච් ජයතිස්ස (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
විවෘත - කේවල - පිරිමි
● ශූරතාවය : සාමාන්‍ය සෙබල ටී.එච්.ආර්.පී කුමාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : සාමාන්‍ය සෙබල පී.ඩබ්ලිව්.ඕ මදුෂංක (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
අවුරුදු 35 ට වැඩි - යුගල - පිරිමි
● ශූරතාවය : කොමදෝරු ටී.එන්.ඒ රත්නායක සහ ලුතිනන් කොමදෝරු කේ.කේ.ආර් රත්නායක (ශ්‍රී ලංකා නාවික හමුදාව)
● අනුශූරතාවය : මේජර් එච්. චන්දන සහ සාමාන්‍ය සෙබල කේ.කේ. හේමන්ත (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
විවෘත - යුගල - පිරිමි
● ශූරතාවය : සාමාන්‍ය සෙබල ඒ. සෙනෙවිරත්න සහ සාමාන්‍ය සෙබල එස්. ලක්රංග (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
● අනුශූරතාවය : සාමාන්‍ය සෙබල වයි. වීරසේකර සහ සාමාන්‍ය සෙබල ආර්. පද්මකුමාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)
Nike Sneakers Store | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ