Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2018 13:30:35 Hours

කිලිනොච්චි භට පිරිස් ‘ජීවන තත්ත්වය නගාසිටුවීම හා මානසික ඒගාග්‍රතාවය පවත්වාගැනීම’ පිළිබඳ දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 50 ක් සහ සෙසුනිලයින් 1200 ගේ සහභාගිත්වයෙන් සිකුරාදා (22) දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී මෙම දේශනය පැවැත්විණි.

මෙම දේශනය ජ්‍යෙෂ්ඨ නායකත්ව, පෙළඹවීම් සහ පෞරුෂත්ව සංවර්ධන කථිකාචාර්ය උදය දේවමුල්ල මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම දේශනයේ දී ජීවන තත්ත්වය නගාසිටුවීම හා මානසික ඒගාග්‍රතාවය පවත්වාගැනීම යන මාතෘකාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබීය.

Nike Sneakers Store | Men’s shoes