Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • සෝමාවතිය රක්‍ෂිතයේ හටගත් ලැව්ගින්න යුද්ධ හමුදා භට පිරිස් විසින් මැඩපවත්වයි

    2018-07-20 17:28:37

    සෝමාවතිය රක්‍ෂිතයේ හටගත් ලැව්ගින්න යුද්ධ හමුදා භට පිරිස් විසින් මැඩපවත්වයි

    සෝමාවති ජාතික වන රක්‍ෂිතයේ බ්‍රහස්පතින්දා (19) දින හදිසියේ ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැළවු වහාම නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු 50 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

  • මුතූර් ප්‍රදේශයේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට යුද්ධ හමුදාව වෙතින් අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාවක්

    2018-07-20 10:27:24

    මුතූර් ප්‍රදේශයේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට යුද්ධ හමුදාව වෙතින් අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාවක්

    2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාංකයේ භට පිරිස් විසින් දින 02......

  • පුද්ගල සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ දී

    2018-07-20 10:16:45

    පුද්ගල සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ දී

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් පරිදි එම මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරින් සහ හමුදා සාමාජිකයන් හට පෞද්ගලික ජිවිතය සහ සෞඛ්‍යය සංවර්ධනය කරගැනීම පිළිබඳ තෙදින වැඩසටහනක් ජුලි මස 17 දින සිට 19....

  • අනුරාධපුර ‘අභිමංසල’ හි භාවනා වැඩසටහනක්

    2018-07-20 10:15:45

    අනුරාධපුර ‘අභිමංසල’ හි භාවනා වැඩසටහනක්

    අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ එම සුව සහන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් එක් දින භාවනා වැඩසටහනක් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ පුජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින්වහන්සේ ගේ මෙහෙයවීමෙන් බදාදා (18) දින පවත්වන ලදී.

  • නැගෙනහිර පළාතේ රෝගීන් සඳහා හමුදා භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

    2018-07-20 10:14:45

    නැගෙනහිර පළාතේ රෝගීන් සඳහා හමුදා භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

    ත්‍රිකුණාමලය මහ රෝහලේ ලේ බැංකුවේ ප්‍රධානි වෛද්‍ය ආර්.ඒ දේවරාජා මහතා විසින් 22 වන සේනාංක මුලස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෝහලේ රුධිරය අවශ්‍ය රෝගීන් සඳහා 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ හමුදා සාමාජිකයන් 150 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී බදාදා (17) දින සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

  • ‘සාමය, ආරක්ෂාව සහ සංහිදියාව’ කතිකාවත යාපනයේදී

    2018-07-20 10:13:07

    ‘සාමය, ආරක්ෂාව සහ සංහිදියාව’ කතිකාවත යාපනයේදී

    ආරක්‍ෂක අමාත්‍යාංශය සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය සහයෝගීතාව ඇතිව සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ‘හමුදාමය කතිකාවත - 2018’ යාපනය නගරයේ දී පවත්වන ලද අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 60 දෙනකුට වැඩි පිරිසක් සහභාගි වුහ.

  • යුද්ධ හමුදා සාමාජිකයින් රුධිර පරිත්‍යාගයෙන් තවත් ජිවිත රැකගනී

    2018-07-19 11:54:13

    යුද්ධ හමුදා සාමාජිකයින් රුධිර පරිත්‍යාගයෙන් තවත් ජිවිත රැකගනී

    ඌව පළාත් විධායකයින්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 52 ක් බණ්ඩාරවෙල රෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ දී අඟහරුවාදා (17) දින පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

  • පාසල් සිසුන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක්

    2018-07-19 11:34:52

    පාසල් සිසුන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක්

    බණ්ඩාරවෙල, කරදගොල්ල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ‘නායකත්ව පුහුණු වැඩමුළුවක්’ සඳුදා (19) දින පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි.....

  • 681 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

    2018-07-19 10:34:52

    681 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

    මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සි.එස්. මුණසිංහ සඳුදා (16) දින රාජකාරි භාරගනු ලැබීය. මුලතිව්, මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 681 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී නව ධුරයේ රාජකාරි භාරගත් නව බලසේනාධිපතිතුමන්...

  • යාන්ත්‍රික පාබල රණවිරු උදානය අති උත්කර්ෂවත් අන්දමින්

    2018-07-18 18:44:41

    යාන්ත්‍රික පාබල රණවිරු උදානය අති උත්කර්ෂවත් අන්දමින්

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘යාන්ත්‍රික පාබල රණවිරු උදානය - 2018’ දෙදින වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය වාර්තාගත ජනකායකගේ සහභාගීත්වයෙන් ජූලි මස 13 සහ 14 දිනයන්හි දඹුල්ල, ගම් උදාව ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. මෙම වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය, යාන්ත්‍රික පාබල....