20th July 2018 10:27:24 Hours
2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාංකයේ භට පිරිස් විසින් දින 02 ක අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහනක් ජුලි මස 17 සහ 18 යන දිනයන්හිදී මුතූර් අල් හිදායා මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහන, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද අතර මුතූර් කලාප අධ්‍යපන අධ්‍යක්‍ෂක සහ 224 වන බලසේනාවේ බලසේනාධිපති ගේ සහයෝගය ද මෙම වැඩසටහන සඳහා නොමඳව හිමිවිය.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා සපැමිණි 22 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක සහ අනෙකුත් ආරාධිතයින් මේ සඳහා සහභාගි වු පාසල් සිසු දරු දැරියන් විසින් පිළිගනු ලැබු අතර සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහන ආරම්භ විය. එහි දී කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, එස්.එස්.එම් ඉක්බාල් මහතා විසින් පිලිගැනීමේ කථාව සිදුකරමින් මෙම වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබඳව සහභාගිවු පාසල් සිසු දරු දැරියන් දැනුවත් කරන ලදී .
කලා හා වාණිජ විෂයධාරාවන් යටතේ නැගෙනහිර පළාතේ ප්‍රසිද්ධ දේශකයින් දෙදෙනෙකු වන කලා ගෞරව උපාධිධාරි ඒ.එම්.එල් සාධා මහතා සහ එම්. එම් ඉෂාම් මහතා යන දෙපළ විසින් මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණ වැඩසටහනේ දේශණ පවත්වන ලද අතර මේ සඳහා මුතූර් දිස්ත්‍රික්කයේ පාසල් 06 ක සිසු දරු දැරියන් 185 දෙනෙකු සහභාගි වුහ.
බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික වතාවත් වලින් අනතුරුව ඇරඹි මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණ වැඩසටහන සඳහා සහභාගි වු පාසල් සිසුන් සඳහා ප්‍රවාහන සහ ආහාරපාන ආදි පහසුකම් 24 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙබළුන් විසින් සලසා දෙන ලදී.
මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රදේශයේ ආගමික පුජකවරුන්, යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි, 224 වන බලසේනාවේ බල සේනාධිපති කර්නල් ප්‍රසන්න එදිරිවීර, මුතූර් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක එස්.එස්.එම් ඉක්බාල් මහතා, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, මුතූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරින් සහ ප්‍රදේශයේ ප්‍රජා නායකයින් සහභාගිවුහ. Running sport media | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092