Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2018 10:34:52 Hours

681 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සි.එස්. මුණසිංහ සඳුදා (16) දින රාජකාරි භාරගනු ලැබීය.

මුලතිව්, මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 681 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී නව ධුරයේ රාජකාරි භාරගත් නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින් සහ 681 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. latest Nike Sneakers | adidas Yeezy Boost 700 , Ietp