Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2018 10:15:45 Hours

අනුරාධපුර ‘අභිමංසල’ හි භාවනා වැඩසටහනක්

අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ එම සුව සහන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් එක් දින භාවනා වැඩසටහනක් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ පුජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින්වහන්සේ ගේ මෙහෙයවීමෙන් බදාදා (18) දින පවත්වන ලදී.

ආධ්‍යාත්මික සහ මානසික සුවය වර්ධනය කිරිමේ අරමුණින් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම භාවනා වැඩසටහන එදින සවස් කාලය වන තෙක්ම පැවැත්විණි.

මෙම භාවනා වැඩසටහන සඳහා ‘අභිමංසල - 1’ හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ඇතුළුව නිලධාරින් 10 දෙනෙකු හා හමුදා සාමාජිකයන් 105 දෙනෙකු සහභාගි වුහ. Sports Shoes | Nike News