Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2018 10:16:45 Hours

පුද්ගල සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ දී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් පරිදි එම මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරින් සහ හමුදා සාමාජිකයන් හට පෞද්ගලික ජිවිතය සහ සෞඛ්‍යය සංවර්ධනය කරගැනීම පිළිබඳ තෙදින වැඩසටහනක් ජුලි මස 17 දින සිට 19 දින දක්වා පවත්වන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන මනෝ චිකිත්සක උපදේශකවරුන්, යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍යය අධ්‍යක්‍ෂක කර්නල් ආර්.එම්.එම් මොණරගල ඇතුළු තවත් උපදේශකවරුන් 06 දෙනෙකුගේ සහයෝගය ඇතිව පවත්වන ලද අතර මෙම තෙදින වැඩමුළුව සඳහා 57, 65 සහ 66 වන සේනාංකයන් හි සේවයේ නියුතු භට පිරිස් සහභාගි වුහ.

මෙම වැඩසටහන තුලින් හමුදා සාමාජිකයන් හට ප්‍රශ්ණ ඇසීමටත්, ඒ තුලින් තම ජීවිතයේ මුහුණපාන මානසික ගැටළු නිසියාකාරව හඳුනාගෙන එම ගැටළු නිරාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමටත් හැකියාව ලැබුණි. short url link | Men's Footwear