20th July 2018 17:28:37 Hours
සෝමාවති ජාතික වන රක්‍ෂිතයේ බ්‍රහස්පතින්දා (19) දින හදිසියේ ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැළවු වහාම නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු 50 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී ගිනි නිවිමේ උපකරණ ද සහිතව බැතිමතුන් සහ සංචාරකයින් පුද බිමට පැමිණිමට පෙර පැය කිහිපයක් තුල සෝමාවති රක්‍ෂිතයේ ඇතිවී තිබු ගින්න පාලනය කිරීමට සමත් විය.
මේ දිනවල ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ලැව් ගින්න ඇති වී තිබේ. latest Nike Sneakers | New Releases Nike