Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2018 11:34:52 Hours

පාසල් සිසුන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක්

බණ්ඩාරවෙල, කරදගොල්ල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ‘නායකත්ව පුහුණු වැඩමුළුවක්’ සඳුදා (19) දින පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.පි. විජේසුන්දර ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා උපදේශකවරුන් දෙදෙනෙකු සහභාගි විය. මෙම වැඩමුළුවේ දී දේශන මාණ්ඩලික සැරයන් වි.ඒ.ඒ.එන්. කරවිට විසින් පැවැත්වූ අතර වැඩමුළුව සඳහා පාසල් සිසුන් 22 ක් සහභාගි විය.

මෙම වැඩසටහන අතරතුරදී, ජිවිතයේ වැදගත්කම, ශාරීරික අභ්‍යාස, අන් අයට ගරු කිරීම සහ සාමුහිකත්වය තුළින් කණ්ඩායමක් වශයෙන් අරමුණ ඉටුකරගන්නා අකාරය පිළිබඳ සිසුන් දැනුවත් කල අතර වැඩමුළුව අවසානයේ සහභාගි වූවන්ට සහතිකපත් ද ප්‍රදානය කරනු ලැබීය.

Best Authentic Sneakers | New Releases Nike