20th July 2018 10:14:45 Hours
ත්‍රිකුණාමලය මහ රෝහලේ ලේ බැංකුවේ ප්‍රධානි වෛද්‍ය ආර්.ඒ දේවරාජා මහතා විසින් 22 වන සේනාංක මුලස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෝහලේ රුධිරය අවශ්‍ය රෝගීන් සඳහා 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ හමුදා සාමාජිකයන් 150 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී බදාදා (17) දින සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආශීර්වාදය ඇතිව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් පරිදි මෙම රුධිරය දන්දීමේ වැඩසටහන එම මුලස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙම රුධිරය දන්දීමේ වැඩසටහන සඳහා වෛද්‍ය නිලධාරින් සහ හෙද කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබුණි. best shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp