Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2018 10:13:07 Hours

‘සාමය, ආරක්ෂාව සහ සංහිදියාව’ කතිකාවත යාපනයේදී

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය සහයෝගීතාව ඇතිව සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ‘හමුදාමය කතිකාවත - 2018’ යාපනය නගරයේ දී පවත්වන ලද අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 60 දෙනකුට වැඩි පිරිසක් සහභාගි වුහ.

මෙම වැඩසටහන ජුලි මස 11 සහ 12 යන දෙදිනයන්හිදී යාපනය තල්සෙවණ නිවාඩු නිකේතනයේ දී පවත්වන ලද අතර මෙහිදී සාමය හා ප්‍රතිසංධාන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා හමුදාව සහ පොලිසිය යන ආරක්‍ෂක අංශයන් හී කාර්යභාරය සම්බන්ධ කරුණු හා වගකීම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම වැඩසටහනේ පළමු අදියරේ සිව්වන සැසිය යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලදී. Running sports | Nike Shoes