Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2018 11:54:13 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් රුධිර පරිත්‍යාගයෙන් තවත් ජිවිත රැකගනී

ඌව පළාත් විධායකයින්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 52 ක් බණ්ඩාරවෙල රෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ දී අඟහරුවාදා (17) දින පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

රෝගීන්ගේ ජීවිතවල වටිනාකම සැලකිල්ලට ගනිමින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙම ලේ පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

මෙම ලේ පරිත්‍යාග වැඩසටහන බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව පවත්වනු ලැබීය. එහිදි ලේ පරිත්‍යාග කිරීම සඳහා සහභාගි වූ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධායක කමිටුව සිය කෘතඥාතාවය පුද කළහ.

Adidas shoes | Nike