Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2018 18:44:41 Hours

යාන්ත්‍රික පාබල රණවිරු උදානය අති උත්කර්ෂවත් අන්දමින්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘යාන්ත්‍රික පාබල රණවිරු උදානය - 2018’ දෙදින වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය වාර්තාගත ජනකායකගේ සහභාගීත්වයෙන් ජූලි මස 13 සහ 14 දිනයන්හි දඹුල්ල, ගම් උදාව ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

මෙම වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් හා සහයෝගය ඇතිව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අරමුදල සඳහා මුදල් රැස්කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගයේ සමාරම්භක උත්සවය සිකුරාදා (13) දින පැවැති අතර ‘යාන්ත්‍රික පාබල රණවිරු උදානය - 2018’ එම රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි ශීරෝමි මාසකෝරාල විසින් විවෘත කරනු ලැබීය.

‘යාන්ත්‍රික පාබල රණවිරු උදානය’ මෙවරත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන්ගේ සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන ව්‍යාපෘතින් සඳහා රෙජිමේන්තු අරමුදලට මුදල් රැස්කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී.

මෙම වෙළඳ ප්‍රදර්ශනයේ දී සහභාගි වූවන්ට ආහාර ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ සහ අත්‍යවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව උදාවිය. එමෙන්ම, යුද්ධ හමුදා ප්‍රදර්ශනාත්මක සන්නද්ධ රථ ඇතුළු ප්‍රදර්ශන කුටි මෙන්ම විනෝදාත්මක ක්‍රීඩා ඉසව් රැසකින් සමන්විත දෙදිනක් පුරා පැවැති මෙම ‍ප්‍රදර්ශනය සඳහා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි විය. තවද, ‘සන්ෆලවර්’ සහ ‘ෆැලැෂ් බැක්’ සංගීත කණ්ඩායම්හී සංගීතයෙන් වර්ණවත්වූ ‘යාන්ත්‍රික පාබල රණවිරු උදානය - 2018’ සඳහා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි විය.

Nike sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf