2018-08-09 06:06:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 62 කට අධික පිරිසක් සමඟින් පොලිස් සාමාජිකයින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, රාජ්‍ය සේවකයින් සහ ස්වේච්ඡා සාමාජිකයින් එක්ව සඳුදා (06) දින දළදා පෙරහැර උත්සවය පැවැත්වීමට නියමිත ප්‍රදේශය සහ මහනුවර නගරය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක ලැබීය.
2018-08-09 06:04:54
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිකුරාදා (03) දින ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
2018-08-08 14:27:38
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් සුන්දර දියතලාව නගරය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (07) දින දියත්කරන ලදි. ඒ අනුව දියතලාව නගරය, හපුතලේ .....
2018-08-07 14:39:45
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවනු ලැබු ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට අනුව සංවර්ධනය කරනු ලැබු ව්‍යාපෘතින් 180 විවෘත කිරීම නිමිත්තෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු....
2018-08-07 14:27:45
යාපනය, පලාලි ගුවන් තොටුපල සංචාරය කිරීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුව වේයන්ගොඩ, බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සිය දෙමාපියන් තිදෙනෙකු සමඟින් අඟහරුවාදා (07) දින පැමිණි අතර ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදාව විසින් සලසා දෙනු ලැබීය.
2018-08-07 14:25:45
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 64 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් 13 ක් සහ සෙසුනිලයින් 143 දෙනෙකු විසිරයාමේ උත්සවය අඟහරුවාදා (07) දින මාඳුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-08-07 14:23:45
ජ්‍යෙෂ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව පිරිස් ගේ මෙහෙයවීමෙන් ‘හෘදයාබාධ සහ ඉන් වැළකි සිටීම’ පිළිබඳ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (06) දින පවත්වන ලදි.
2018-08-07 14:20:45
තායිලන්තයේ දී අගෝස්තු මස 4 සහ 5 දිනයන්හි පැවැති ජාත්‍යන්තර ජුඩෝ තරඟාවලිය සඳහා රටවල් 13 ක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගි වූ අතර එහිදි යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් තිදෙනෙකු රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.
2018-08-07 14:20:45
යුද්ධ හමුදාවෙන් විශ්‍රාමිකයින් වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් පුද්ගලයන් ලෙස සමාජනුයෝජනය කිරීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ පුර්ණ අධික්ෂණය යටතේ වෘත්තීය පුහුණුව පිළිබඳ අධ්‍යාපනික දේශනයක් අඟහරුවාදා (07) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.
2018-08-07 14:15:45
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාවට නංවනු ලබන වන්නි ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස පසුගියදා ගල්කුලම ප්‍රදේශයේ පිහිටි කහපත්විලගම විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල, පාසල් බලධාරීන්ගේ....