07th August 2018 14:25:45 Hours
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 64 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් 13 ක් සහ සෙසුනිලයින් 143 දෙනෙකු විසිරයාමේ උත්සවය අඟහරුවාදා (07) දින මාඳුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.ටී.එස්. හැන්නදිගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.
පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම නිලධාරි ලෙස 19 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් එල්.එල්.කේ.එම්. අල්විස් තේරීපත් වූ අතර සෑම අතින්ම දක්‍ෂතම සෙබළා ලෙස 19 වන ගැමුණු හේවා බළඇණියේ කෝප්‍රල් ඒ.බී.අයි. විජේසිංහ තේරීපත් විය. Sneakers Store | Jordan Ανδρικά • Summer SALE έως -50%