Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2018 06:06:54 Hours

යුද්ධ හමුදා භට පිරිස් මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහනක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 62 කට අධික පිරිසක් සමඟින් පොලිස් සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, රාජ්‍ය සේවකයින් සහ ස්වේච්ඡා සාමාජිකයින් එක්ව සඳුදා (06) දින දළදා පෙරහැර උත්සවය පැවැත්වීමට නියමිත ප්‍රදේශය සහ මහනුවර නගරය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක ලැබීය.

‘පරිසරය පූජනීයයි’ යන මෑයෙන් දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු සරත් ඒකනායක මහතා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති, ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සිවිල් වැසියන් සහභාගි වූහ. මෙම ව්‍යපෘතිය මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධීක්‍ෂණය යටතේ දිනය පුරා දියත් කරන ලදි. best shoes | New Releases Nike