07th August 2018 14:15:45 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාවට නංවනු ලබන වන්නි ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස පසුගියදා ගල්කුලම ප්‍රදේශයේ පිහිටි කහපත්විලගම විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මෙම ගොඩනැගිල්ල, පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ‘85/86 Pera Medico Friends In Need Association (FINA) සංවිධානයේ මූල්‍යමය සහයෝගය ඇතිව ඉදිකරනු ලැබීය.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් දියත් කරනු ලැබු ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් වන මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා එතුමන් නියෝජනය කරමින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ විසින් මුලගල තබන ලදී.
Friends In Need Association (FINA) සාමාජිකයෙකු මෙන්ම වෛද්‍ය ශීෂයකු වන මියගිය ‘පාලිත’ අනුස්මරණය කරමින් ඉදිකරනු ලබන මෙම නව ගොඩනැගිල්ල වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 212 වන බලසේනාවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා කලාප වෛද්‍ය අධ්‍යක්‍ෂිකා ඩී.එම්. පතිරණ මහත්මිය, පාසලේ විදුහල්පතිතුමා සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දෙමාපියන් සහ සිසුන් රැසක් සහභාගි වූහ. affiliate link trace | Nike Air Force 1 , Sneakers , Ietp STORE