07th August 2018 14:20:45 Hours
තායිලන්තයේ දී අගෝස්තු මස 4 සහ 5 දිනයන්හි පැවැති ජාත්‍යන්තර ජුඩෝ තරඟාවලිය සඳහා රටවල් 13 ක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගි වූ අතර එහිදි යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් තිදෙනෙකු රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූ අතර තායිලන්තය, වියට්නාමය, ජපානය, හොංකොං, චිනය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චයිනා තායිපෙ සහ ලාඕසය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් තරඟවඳිනු ලැබීය.
එම ජයග්‍රහකයින් පහතින් දැක්වේ;
සාමාන්‍ය සෙබල එච්.එම්.එන් බණ්ඩාර (කිලෝග්‍රෑම් 55 ට අඩු) - රිදී පදක්කම
සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එල්.ඒ.එච් ඉමාෂ් (කිලෝග්‍රෑම් 78 ට වැඩි) - රිදී පදක්කම
ලාන්ස් කොප්‍රල් එස්.ඒ.එන්.අයි බණ්ඩාර (කිලෝග්‍රෑම් 90 ට අඩු) - ලෝකඩ පදක්කමbest Running shoes brand | Releases Nike Shoes