07th August 2018 14:23:45 Hours
ජ්‍යෙෂ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව පිරිස් ගේ මෙහෙයවීමෙන් ‘හෘදයාබාධ සහ ඉන් වැළකි සිටීම’ පිළිබඳ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (06) දින පවත්වන ලදි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ පැවත් වූ මෙම වැඩසටහනේ දී විශේෂඥ වෛද්‍යතුමන් විසින් දුම් පානය, ඉන් ඇතිවන බලපෑම සහ ඉන් වැළකි සිටිමේ ක්‍රිම ආදිය පිළිබඳ පැමිණි පිරිස දැනුවත් කරනු ලැබීය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. jordan Sneakers | シューズ