07th August 2018 14:39:45 Hours
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවනු ලැබු ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට අනුව සංවර්ධනය කරනු ලැබු ව්‍යාපෘතින් 180 විවෘත කිරීම නිමිත්තෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘මියැසි රාත්‍රියක්’ සංගීත ප්‍රසංගය බ්‍රහස්පතින්දා (02) දින මනම්පිටිය ‘මෛත්‍රි’ ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාව විසින් සිකුරාදා (03) දින සන්ධ්‍යාවේ පවත්වනු ලැබු මෙම උත්කර්ෂවත් සංගීත ප්‍රසංගය සඳහා දිවයිනේ ජනප්‍රිය ගායන ශීල්පීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.
මෙම වර්ණවත් සංගීත රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.Nike air jordan Sneakers | nike air jordan lebron 11 blue eyes black people