Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2018 14:20:45 Hours

වෘත්තීය පුහුණුව පිළිබඳ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් දැනුවත් කෙරේ

යුද්ධ හමුදාවෙන් විශ්‍රාමිකයින් වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් පුද්ගලයන් ලෙස සමාජනුයෝජනය කිරීම සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ වෘත්තීය පුහුණුව පිළිබඳ අධ්‍යාපනික දේශනයක් අඟහරුවාදා (07) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තිමය වශයෙන් සුදුසුකම් ලත් සමාජයට අනුගත පුද්ගලයින් ලෙස නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විය.

මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 20 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 110 ක් සහභාගි වූ අතර, කලාඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.ඩි.එස් පෙරේරා විසින් එහි දේශන පවත්වනු ලැබීය. Buy Kicks | New Releases Nike