2018-08-24 08:00:37
ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත සමාජ මාධ්‍යජාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේ දී සංවිධානය කරනු ලැබීය.
2018-08-22 13:24:08
62 වන සේනාංකය යටතේ ස්ථාපිත 623 බලසේනාංකයට අයත් 11 ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මරතෝඩෙයි, කට්කුලම්, උන්ජාල්කඩ්ඩි සහ පට්ටිකුඩිඉරිප්පු යන ග්‍රාමසේවා වසම් වල ගම්වාසීන් සඳහා වෛද්‍ය සායනයක් ඉරිදා (19) දින කිරිසුඩ්ඩාන් පෙර පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
2018-08-22 12:49:48
කිලිනොච්චි ප්‍රදේශයේ කොස් පැල 5000 ක් රෝපණය කිරිමේ වැඩසටහනට සමඟාමීව කොස් පැල රෝපණය සබැදිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් දැනුවත් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිලධාරින් ගේ සහයෝගය ඇතිව ඉරිදා (19) දින පවත්වන ලද අතර එහිදී ‘බීජ රෝපණය’, ‘පොහොර භාවිතය’, ‘ජලය සැපයීම’, වර්ධනය පවත්වාගෙන යාම’ වැනි කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.
2018-08-22 12:39:41
වන්නි ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ක්‍රීඩා සංගම් අතර සුහදත්වය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් පරිදි වන්නි ප්‍රදේශයේ ක්‍රිඩා සංගම් 10 ක් පමණ සහභාගීත්වයෙන් අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියක් අගෝස්තු මස 16 දින සිට 18 දින දක්වා පවත්වන ලදී.
2018-08-22 12:29:25
උතුරු පළාතේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ ලේකම් නීල් කවනාග් මහතා (Mr. Neil Kavanagh) සහ එම අංශයේම නියෝජිත ජෝවිතා අරුලානන්දන් මහත්මිය (Ms. Jovitha Arulanantham) අඟහරුවාදා (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2018-08-22 12:00:02
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාංකයේ භට පිරිස් මීට දින කිහිපයකට පෙර මොණරාගල, හොරොම්ඹුව ප්‍රදේශයේ ඇතිවු ලැව් ගින්න පාලනය කිරිමට සමත් වුහ.
2018-08-21 08:56:24
රට වෙනුවෙන් දිවිපිදු සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සැමරීමේ උත්සවයක් අගෝස්තු මස 18 සහ 19 යන දිනයන්හි දී අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.පී පල්ලේවෙල ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා....
2018-08-20 10:32:16
තායිලන්තයේ චූලාලොංග්න්කෝර්න් විශ්වවිද්‍යාලීය (Chulalongkorn University) රොටරි සාම මධ්‍යස්ථානයේ දුත පිරිසක් උතුරු පළාතේ සංචාරයක නිරත අතර යුද්ධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන ප්රතිසන්ධාන ව්‍යාපෘතින් පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරිම සඳහා ඔවුන් ඉරිදා (19) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණියහ.
2018-08-19 11:36:49
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චි ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ අනුග්‍රහය ඇතිව පුනරීන් ප්‍රදේශයේ ඇස්කණ්ණාඩි අවශ්‍ය සිවිල් වැසියන් 312 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදෙන ලදි.
2018-08-19 11:12:47
කරියලානගපඩ්ඩුවාන් ගොවි සංවර්ධන සංගමයේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භට පිරිස් විසින් ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සිය සහායෝගය දැක්විමක් ලෙස කරියලානගපඩ්ඩුවාන් ඇළ මාර්ගය සම්පුර්ණයෙන්ම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදි.