19th August 2018 11:12:47 Hours
කරියලානගපඩ්ඩුවාන් ගොවි සංවර්ධන සංගමයේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භට පිරිස් විසින් ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සිය සහායෝගය දැක්විමක් ලෙස කරියලානගපඩ්ඩුවාන් ඇළ මාර්ගය සම්පුර්ණයෙන්ම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදි.
එම සංගමයේ නියෝජිතයින්, 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ හමුවී ඇල දෙපස අබලන්ව පැවතීම හේතුවෙන් ඔවුනට ප්‍රමාණවත් ජල සැපයුමක් නොලැබෙන බවත්, එම නිසා එය මෙම කන්නයේ වගාවන්ට බලපාන බවත් පවසමින් එම ඉල්ලීම සිදු කරනු ලැබීය.
ඒ අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ මඟපෙන්විම මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 11 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 25 ක් සහ ගොවි සංගමයේ සාමාජිකයින් 15 ක් එක්ව බ්‍රහස්පතින්දා (14) දින මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. Nike shoes | balerínky