Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2018 12:39:41 Hours

වන්නි සිවිල් ක්‍රීඩා සංගම් අතර පැවති ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයින් රැසක්  

වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් ක්‍රීඩා සංගම් අතර සුහදත්වය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් පරිදි වන්නි ප්‍රදේශයේ ක්‍රිඩා සංගම් 10 ක් පමණ සහභාගීත්වයෙන් අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියක් අගෝස්තු මස 16 දින සිට 18 දින දක්වා පවත්වන ලදී.  

මෙම තරඟාවලිය, 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ උපදෙස් අනුව එම සේනාංක මුලස්ථාන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. ඒ සඳහා සිවිල් ක්‍රීඩා සමාජ 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගි වු අතර භට පිරිස් විසින් එම ක්‍රිඩකයින් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබීය.

වන්නි පැන්ඩරා (Pandara Wanni) සහ ‘සොලිඩි’ක්‍රිකට් සමාජය අතර පැවති අවසන් මහා තරගයේ දී ඉතා තියුණු තරගයකින් අනතුරුව ‘සොලිඩි’ක්‍රිකට් සමාජය විසින් 2018 අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ ‘56 වන සේනාංක අභියෝගතා කුසලානය’ දිනාගන්නා ලදී.  

ජයග්‍රාහකයින් හට ත්‍යාග සහ කුසලාන පිරිනැමිමේ සමාප්ති උත්සවය සෙනසුරාදා (18) දින වන්නි ප්‍රදේශයේ ක්‍රිකට් ප්‍රේක්‍ෂකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර ත්‍යාග සහ කුසලාන පිරිනැමීම එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි 56 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් සිදුකරනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා 561 වන බලසේනාංක මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වව්නියාව ප්‍රදේශයේ ප්‍රකට ඇගළුම් කර්මාන්තශාලාවක් වන ‘හයිඩ්‍රාමනි’ ඇගළුම් සමාගම (Hydramani Fashion Company) විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා වව්නියාව III පොලිස් අධිකාරි, වව්නියාව අඩවි වන නිලධාරි, විද්‍යාලයන් හි විදුහල්පතිවරුන්, කලාප ක්‍රීඩා නිලධාරින්, 563 වන බලසේනාංකයේ බලසේනාධිපති, 56 වන සේනාංකය යටතේ ස්ථාපිත සියළුම ඒකකයන් හි අණදෙන නිලධාරින් සහ ප්‍රදේශවාසින් රැසක් එක්ව සිටියහ. Running Sneakers | Footwear