24th August 2018 08:00:37 Hours
ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත සමාජ මාධ්‍යජාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේ දී සංවිධානය කරනු ලැබීය.
ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ටී.ඩී.ටී. විජේසිංහ විසින් පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුවේ දී සමාජ මාධ්‍යජාලා භාවිතය පිළිබඳ ආරක්ෂිත ක්‍රමවේදයන් විශ්ලේෂණය කොට නිර්දේශ කරන ලද ඵලදායි ක්‍රමවේදයන් හා ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කළහ. මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා නිලධාරින් 6 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 220 ක් සහභාගි වූ අතර මේ වනවිට පවතින තාක්‍ෂණයේ යාවත්කාලීනත්වය පිළිබඳ දැනුවත් කිරීම සබැදිව ඔවුන් සිය කෘතඥතාවය පුද කළහ. jordan release date | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite