21st August 2018 08:56:24 Hours
රට වෙනුවෙන් දිවිපිදු සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සැමරීමේ උත්සවයක් අගෝස්තු මස 18 සහ 19 යන දිනයන්හි දී අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.පී පල්ලේවෙල ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහභාගි විය.
29 වන වරටත් පැවැත් වූ මෙම සැමරුම් උත්සවයේ දී, මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා තම ජිවිත පූජා කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු නිලධාරීන් 143 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 3719 ක් සිහිකරමින් ඔවුන්ගේ බිරින්දෑවරුන්, දෙමාපියන්, දූ දරුවන් සහ ළඟම ඥාතීන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.
අනතුරුව, රෙජිමේන්තු අධිපති විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟින් පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ විමසන ලදි. එසේම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් එම පවුල්වල සාමාජිකයින් වෙත විශේෂ සිහිවටනයක් වශයෙන් පරම වීර විභූෂණ (PWV) සම්මාන ද එහිදි පිරිනමනු ලැබීය.
එදින සන්ධ්‍යාවේ බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත් වරකාපොල ප්‍රදේශයේ පිහිටි එම ආගමික ස්ථානවල සිදු කළ අතර, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ පසු දින (19) දානමය පිංකම සමඟින් සැමරුම් වැඩසටහන නිමාවට පත්විය.
මෙම සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.Running sports | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD