22nd August 2018 12:49:48 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ කොස් පැල 5000 ක් රෝපණය කිරිමේ වැඩසටහනට සමඟාමීව කොස් පැල රෝපණය සබැදිව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් දැනුවත් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිලධාරින් ගේ සහයෝගය ඇතිව ඉරිදා (19) දින පවත්වන ලද අතර එහිදී ‘බීජ රෝපණය’, ‘පොහොර භාවිතය’, ‘ජලය සැපයීම’, වර්ධනය පවත්වාගෙන යාම’ වැනි කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම මෙවැනි දැනුවත් කිරිමේ වැඩසටහනක් සෙනසුරාදා (18) දින 65 වන සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලද අතර හමුදා සාමාජිකයන් විසින් එම ප්‍රදේශයේ කොස් පැල රෝපණය කිරිමේ කටයුතු වල නිරත වී සිටි. Buy Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify