Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2018 12:29:25 Hours

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දුත පිරිසක් යාපනය ආඥාපති හමුවේ

උතුරු පළාතේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ ලේකම් නීල් කවනාග් මහතා (Mr. Neil Kavanagh) සහ එම අංශයේම නියෝජිත ජෝවිතා අරුලානන්දන් මහත්මිය (Ms. Jovitha Arulanantham) අඟහරුවාදා (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම හමුවේදී යාපනය අර්ධද්වීපයේ පවතින ආරක්‍ෂක තත්වය හා යුද්ධ හමුදාව විසින් කරනු ලබන සංවර්ධන හා සංහිදියා වැඩසටහන් සම්බන්ධව සාකච්ඡා කල අතර සංවර්ධන හා සංහිදියා වැඩසටහන් හි ප්‍රගතිය සම්බන්ධයෙන් ද යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිස දැනුවත් කරන ලදී. Authentic Sneakers | jordan Release Dates