19th August 2018 11:36:49 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චි ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ අනුග්‍රහය ඇතිව පුනරීන් ප්‍රදේශයේ ඇස්කණ්ණාඩි අවශ්‍ය සිවිල් වැසියන් 312 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදෙන ලදි.
පුනරීන්, ශ්‍රී විග්නේෂ්වර විද්‍යාලයීය පරිශ්‍රයේ දී ඉරිදා (12) දින සිවිල් වැසියන්ගේ ඇස් පරික්ෂාකරමින් පෙනීමේ දුර්වලතා සහිත අයවලුන් සඳහා ඇස්කණ්ණාඩි බෙදාදෙන ලදි.
661 වන බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන ගේ ආරාධනාවකට අනුව මෙම ඇස්කණ්ණාඩි පරිත්‍යාග කිරිමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කිලිනොච්චි ශාඛාව අනුග්‍රාහකත්වය දක්වන ලද අතර අක්‍ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරුන්වීරේ සහ වෛද්‍ය සහායක කණ්ඩායම විසින් සිවිල් වැසියන්ගේ ඇස් පරික්‍ෂා කර ඇස්කණ්ණාඩි බෙදාදෙන ලදි.
මෙම වැඩසටහන හි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් 661 වන බලසේනාංකයේ බලසේනාංකාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන සමගින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කිලිනොච්චි ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිශ්ණරාජා මහතා සහ එම ශාඛාවේ ලේකම් සේදුපති මහතා ඇතුළු පිරිසක් එක් වු අතර, 66 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන නිලධාරී, කර්නල් සම්බන්ධිකරණ නිලධාරී, අණදෙන නිලධාරීන් සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් ද මේ සඳහා එක්ව සිටියහ. Authentic Nike Sneakers | Air Jordan