Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2018 13:24:08 Hours

11 ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් වෙතින් සිවිල් වැසියන් සඳහා වෛද්‍ය සායනයක්

62 වන සේනාංකය යටතේ ස්ථාපිත 623 බලසේනාංකයට අයත් 11 ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මරතෝඩෙයි, කට්කුලම්, උන්ජාල්කඩ්ඩි සහ පට්ටිකුඩිඉරිප්පු යන ග්‍රාමසේවා වසම් වල ගම්වාසීන් සඳහා වෛද්‍ය සායනයක් ඉරිදා (19) දින කිරිසුඩ්ඩාන් පෙර පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම වෛද්‍ය සායනය සඳහා ආසන්න වශයෙන් සිවිල් වැසියන් 237 දෙනෙකු සහභාගි වු අතර භට පිරිස් හි ඉල්ලීම මත මේ සඳහා අවශ්‍ය ඖෂධ සඳහා අනුග්‍රාහකත්වය තැප්රොබේන් ෆාමකියුටිකල්ස් පුද්ගලික සමාගම (Taprobane Pharmaceuticals (Pvt) Ltd), ජේ.එල්. මොරිසන් පුත්‍රයෝ සමාගම (J.L. Morison Sons Pvt. Ltd), ජෝන්ස් (ලංකා) පුද්ගලික සමාගම (Johns (Ceylon) Pvt. Ltd) සහ පෑන් ෆාමා පුද්ගලික සමාගම (Pan Pharma (Pvt) Ltd) වෙතින් ලබාදෙනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය සාර්ථක කරගැනීම සඳහා වෛද්‍යවරුන් තිදෙනකු, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයෙකු, යුද්ධ හමුදා හෙද නිලධාරින් සහ වෛද්‍ය සහායකයින් විසින් සිය දායකත්වය දැක්වු අතර ඇතැම් රෝගින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ග්‍රාමීය රෝහල් වෙත ද යොමු කෙරිණි.

මෙම වෛද්‍ය සායනය 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සන්ජය වනිගසිංහ ගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කරන ලදී. latest jordan Sneakers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth