2018-10-02 12:40:16
‘ලෝක වැඩිහිටි දිනය’ ට සමගාමීව සඳුදා (1) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් කොරතොට, ‘විල්බට් පෙරේරා වැඩිහිටි නිවාසය’ වෙත ගොස් එහි නේවාසික වැඩිහිටියන්ගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයමින් ඔවුන් විනෝදාස්වාදයට පත් කරන ලදි.
2018-10-02 12:38:52
ගාල්ල, සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවේ භට පිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් එක්ව සෙනසුරාදා (29) දින සංඝමිත්තා විද්‍යාලයේ පැවැති ‘Sangamith Spedizione 18’ ගවේෂණ තරඟාවලිය සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-10-02 12:37:52
ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා භට පිරිස් වෙත උත්සවාකාරයෙන් භාරදීම සඳුදා (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි.
2018-10-01 15:00:28
වාකරෙයි පිහිටි 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 බලසේනාව හේලිස් කෘෂිකර්ම පුද්ගලික සමාගමේ (Hayleys Agriculture PLC) සහයෝගය ඇතිව පාලච්චේනෙ ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 49 ක් පිපිඤ්ඤා වගාව සඳහා දිරීගැන්වූ අතර....
2018-10-01 14:34:35
64 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ‘පාට කරමු ළමා ලෝකය’ චිත්‍ර තරඟාවලිය සඳහා සහභාගි වූ මූලතිව් ප්‍රදේශයේ දරුවන් 1200 ක් අතරින් ජයග්‍රහණය හිමිකරගත් තරඟකරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමේ උත්සවය ලෝක ළමා දිනයට සමාගමීව ඉරිදා (30) දින....
2018-10-01 13:34:35
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දායකත්වය හා කැපවීම ඇගයුමට ලක් කරමින් සහ යහපත් සමාජයක් උදෙසා දරුවන් රැක බලාගැනීමේ වගකීම ඉටු කරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ‘ලෝක වැඩිහිටි දිනය’ සහ ‘ලෝක ළමා දිනය’ සැමරීම සඳහා උත්සවයන් සංවිධානය කරනු ලැබීය.
2018-10-01 13:00:35
7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් ජාතික මඳුරු මර්ධන සතියට සමගාමීව ඉරිදා (30) දින කිලිනොච්චි නගරය හරහා දිවෙන ඒ 9 මාර්ගය දෙපස කිලෝමීටර් 248 වන කණුවේ....
2018-10-01 12:00:35
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් 651 වන බලසේනාවේ භට පිරිස් සමඟ එක්ව සෙනසුරාදා (29) දින වල්පැළැටි වලින් ග්‍රහනව පැවති කාරියලනගපඩ්ඩුවන් වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-09-30 00:09:13
ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරනු ලබන ‘තාරුණ්‍යය හුවමාරු වැඩසටහන’ සැප්තැම්බර් මස 23 දින සිට 27 දින දක්වා ඕඩ්ඩුසුඩාන්, මුතියන්කඩ්ඩු වැව් ඉස්මත්තේ දී පැවැත් වූ අතර මූලතිව්, ඕඩ්ඩුසුඩාන් ග්‍රාම නිලධාරින්ගේ ඉල්ලීමකට අනුව 64 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වැඩමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.
2018-09-30 00:06:24
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් සැප්තැම්බර් මස 26 සහ 27 දින එම ප්‍රදේශයේ දියත් කරනු ලැබු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් සඳහා සිය සහයෝගය දක්වනු ලැබීය.