30th September 2018 00:06:24 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් සැප්තැම්බර් මස 26 සහ 27 දින එම ප්‍රදේශයේ දියත් කරනු ලැබු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් සඳහා සිය සහයෝගය දක්වනු ලැබීය.
ඒ අනුව, 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් කල්විලන් රජයේ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබීය. තවද 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් වවුනිකුලම් ඇල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබු මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් එක්විය. Nike sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD