01st October 2018 14:34:35 Hours
64 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ‘පාට කරමු ළමා ලෝකය’ චිත්‍ර තරඟාවලිය සඳහා සහභාගි වූ මූලතිව් ප්‍රදේශයේ දරුවන් 1200 ක් අතරින් ජයග්‍රහණය හිමිකරගත් තරඟකරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමේ උත්සවය ලෝක ළමා දිනයට සමාගමීව ඉරිදා (30) දින මූලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්තර රාජගුරු ගේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහයෝගය ඇතිව 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ. ජයනාත් ජයවීර ගේ සංකල්පයකට අනුව මූලතිව් ප්‍රදේශයේ දරු දැරියන්ගේ සහාජ දක්‍ෂතා සහ නිර්මාණාත්මක කුසතාවයන් ඔප්නැංවීමේ අරමුණින් මෙම සෞන්දර්යාත්මක චිත්‍ර තරඟය පවත්වනු ලැබීය.
මෙම තරඟාවලිය 1-2 ශ්‍රේණි, 3-4-5 ශ්‍රේණි, 6-7-8 ශ්‍රේණි, 9-10-11 ශ්‍රේණි සහ 12-13 ශ්‍රේණි යන ඛණ්ඩ 6 ක් යටතේ පැවැත්විණි. එහි පළමු අදියර පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් තෝරාගනු ලැබු දරු දැරියන් 1200 කට අධික පිරිසක් සිය නිර්මාණ යොමු කිරීම තුලින් ඔවුන් සතු ඒ සඳහා ඇති උනන්දුව මනාවට ප්‍රදර්ශනය වු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලලිත් ලංසක්කාර මහතා ඇතුළු කථිකාචාරයවරුනගේ අධීක්‍ෂණය යටතේ දෙවන අධියරට සුදුසුකම් ලබන දරු දැරියන් 200 දෙනෙකු ඔවුන් අතරින් තෝරාගනු ලැබීය.
එ් අනුව, තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ සියළුම තරඟකරුවන් හට ත්‍යාග ප්‍රදාන උත්සවයේ දී සහතිකපත් සහ පාසල් උපකරණ ප්‍රදානය කරනු ලැබීය. තවද තරඟාවලියේ එක් එක් අධියරයන් යටතේ පළමු ස්ථානය හිමිකරගත් තරඟකරුවන් පස්දෙනා වෙත මූල්යමය ත්‍යාග සහ පාසල් උපකරණ ප්‍රදානය කරනු ලැබීය.
ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සහභාගි වූ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහකාර සාමාන‍්‍යාධිකාරි (මෙහෙයුම්) ටීරාන් ගෝමිස් මහතා, ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාරිනි ද්‍ලක්‍ෂි පෙරේරා මහත්මිය ඇතුළු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් රැසක් සහභාගි වූහ. මෙම අවස්ථාවට සපැමිණි ආරාධිතයින් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ. ජයනාත් ජයවීර විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. Nike footwear | Nike Shoes