Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2018 13:34:35 Hours

යාපනය භට පිරිස් ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය උත්සවාකාරයෙන් සමරයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දායකත්වය හා කැපවීම ඇගයුමට ලක් කරමින් සහ යහපත් සමාජයක් උදෙසා දරුවන් රැක බලාගැනීමේ වගකීම ඉටු කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ‘ලෝක වැඩිහිටි දිනය’ සහ ‘ලෝක ළමා දිනය’ සැමරීම සඳහා උත්සවයන් සංවිධානය කරනු ලැබීය.

මෙම වසරේ ලෝක වැඩිහිටි දිනය ‘අනාගතයට පියනගමු : සමාජයේ වැඩිහිටි පුද්ගලයින්ගේ හැකියාවන් හා දායකත්වය අනාගතයට දායද කරමු’ යන තේමාව පෙරදැරීව සංවිධානය කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ලෝක වැඩිහිටි දිනයේ වැදගත්කම සැලකිල්ලට ගනීමින් කයිතඩි ‘ශාන්ති වැඩිහිටි නිවාසයේ’ දී සිකුරාදා (28) දින සංගිතමය සහ විනෝදජනක වැඩසටහනක් පවත්වනු ලැබීය.

එහිදි යුද්ධ හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම දමිළ සහ සිංහල ගීත ගායනා කරමින් වැඩිහිටියන් ප්‍රීතියට පත් කල අතර සංගීත පුටු, සංගීත තොප්පි, සංගීත බෝලය වැනි විනෝදජනක ක්‍රීඩා පවත්වමින් වැඩිහිටියන් විනෝදාස්වාදයට පත් කළහ. අනතුරුව යුද්ධ හමුදාව විසින් ඔවුන්ට ආහාර පාන ලබාදුන් අතර ලෝක වැඩිහිටි දිනයේ වැදගත්කම ඇගයුමට ලක් කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඔවුන්ට තෑගි පාර්සල් ද බෙදාදෙනු ලැබීය.

මේ අතරතුර, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය ‘දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැළට සවිය දෙන්න’ යන තේමාව පෙරදැරීව ඔක්තෝම්බර් මස 01 දිනට යෙදි තිබෙන ‘ලෝක ළමා දිනයට’ සමගාමීව උත්සවයක් යාපනය ළමා උද්‍යානයේ දී ඉරිදා (30) දින සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 150 කට අධික පිරිසක් සහභාගි වූ අතර සහභාගි වූ සෑම දරුවකු සඳහාම ත්‍යාග පාර්සල් සහ ආහාරපාන යුද්ධ හමුදාව විසින් ලබාදෙනු ලැබීය.

51 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ළමා දින වැඩසටහන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.Authentic Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret