30th September 2018 00:09:13 Hours
ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරනු ලබන ‘තාරුණ්‍යය හුවමාරු වැඩසටහන’ සැප්තැම්බර් මස 23 දින සිට 27 දින දක්වා ඕඩ්ඩුසුඩාන්, මුතියන්කඩ්ඩු වැව් ඉස්මත්තේ දී පැවැත් වූ අතර මූලතිව්, ඕඩ්ඩුසුඩාන් ග්‍රාම නිලධාරින්ගේ ඉල්ලීමකට අනුව 64 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වැඩමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ සිංහල, මුස්ලිම් හා දමිළ තරුණ තරුණියන් 30 දෙනෙකු මුලතිව් දිස්ත්‍රික්කයේ මුත්තුවිනගර් සහ මුතියන්කඩ්ඩුකුලම් ග්‍රාම නිලධාරි වසම් හි වෙසෙන තරුණ තරුණියන් 50 දෙනෙකු සමග සම්බන්ධවී ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියත්මක කරනු ලැබීය.
ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන තුලින් ජාතින් අතර මානා සුහදත්වය වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවෙනු ඇත. එමෙන්ම උතුරේ සහ දකුණේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ අවබෝධාත්මක දැනුමක් ලබාදීම මෙම වැඩසටහන පැවැත්වීම මගින් තවදුරටත් බලාපොරොත්තු වේ.
මෙම වැඩමුළුව සඳහා සහභාගි වූවන්ට අවශ්‍ය ආහාරපාන, තාවකාලික නවාතැන් පහසුකම්, ආසන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් 64 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත එම සේනාංකය යටතේ සේවය් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයනු ලැබීය. Sneakers Store | Women's Designer Sneakers - Luxury Shopping