02nd October 2018 12:37:52 Hours
ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා භට පිරිස් වෙත උත්සවාකාරයෙන් භාරදීම සඳුදා (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි.
යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් විසින් පුරා මාස 6 ක කාලයක් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරින් ඉටුකිරීමෙන් අනතුරුව මෙසේ නිල වශයෙන් ලේඛණයන්ට අත්සන් තබමින් එම රාජකාරි නාවික හමුදාව වෙත භාරදෙන ලදී.
එහිදී යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් සහ නාවික හමුදා භටපිරිස් සුබපැතුම් ද හුවමාරු කරගනු ලැබීය.bridgemedia | THE SNEAKER BULLETIN