Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2018 15:00:28 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාලච්චේනෙ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් පිපිඤ්ඤා වගාව සඳහා දිරීගන්වයි

වාකරෙයි පිහිටි 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 බලසේනාව හේලිස් කෘෂිකර්ම පුද්ගලික සමාගමේ (Hayleys Agriculture PLC) සහයෝගය ඇතිව පාලච්චේනෙ ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 49 ක් පිපිඤ්ඤා වගාව සඳහා දිරීගැන්වූ අතර එමගින් රුපියල් මිලියන 7 ක පමණ වාර්තාගත අස්වැන්නක් ලබාගත හැකිවනු ඇත.

මාස කිහිපයකට ඉහත දී, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක විසින් එම ප්‍රදේශයේ පිපිඤ්ඤා වගාව ව්‍යාප්ත කිරීම තුළින් අඩු ආදායම්ලාභි පවුල්වල ජිවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ හේලිස් පුද්ගලික සමාගමේ සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම මගින් රුපියල් මිලියන 7 ක පමණ වටිනාකමින් යුතු වාර්තාගත අස්වැන්න මිළදී ගැනීමට හේලිස් කෘෂිකර්ම පුද්ගලික සමාගමේ (Hayleys Agriculture PLC) ඉදිරිපත් විය. ඒ අනුව, වගාකරුවන් හට සඳුදා (24) දින පැවැති උත්සවයකදී මූල්‍යමය ආධාර බෙදාදෙනු ලබීය.

හේලිස් ව්‍යාපෘති කළමනාකරු ඒ.කේ බද්දේගම මහතා. 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 233 බලසේනාවේ බලසේනාධිපති, උපදේශකවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Running Sneakers Store | New Releases Nike