02nd October 2018 12:40:16 Hours
‘ලෝක වැඩිහිටි දිනය’ ට සමගාමීව සඳුදා (1) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් කොරතොට, ‘විල්බට් පෙරේරා වැඩිහිටි නිවාසය’ වෙත ගොස් එහි නේවාසික වැඩිහිටියන්ගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයමින් ඔවුන් විනෝදාස්වාදයට පත් කරන ලදි.
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්විම යටතේ භට පිරිස් විසින් එම වැඩිහිටියන් නාවා පිරිසිදු කිරීමෙන් අනතුරුව, රසවත් දිවා ආහාර වේලක් ලබාදී සංගීතමය වැඩසටහනකට සවන්දීමට ද අවස්ථාව උදාකර දෙන ලදි. එමෙන්ම යුද්ධ හමුදා භට පිරිස් විසින් වැඩිහිටි නිවාසය සහ ඒ අවට පරිශ්‍රය පිරිසිදු කරමින් ගොඩනැගිල්ල තුල සුළු අලුත්වැඩියාවන් කිහිපයක් ද සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහන අවසානයේ එම නේවාසික වැඩිහිටියන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනැමූහ.
මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත සහභාගි වූ අතර, තවත් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Best Authentic Sneakers | Entrainement Nike